ඔයාට කෙනෙක් හිටියත් නැතත් ඔයා ඔයත් එක්කම අද පටන් මෙහෙම valentine සමරන්න. ඔයාට ලබුණු මේ ජීවිතයට මුලින්ම ස්තූතිවන්ත වන්න. උදේ අවදි වූ ගමන්ම වතුර වීදුරුවක් පානය කර දවස අරඹන්න. දවසට අවම ජලය ලීටර 2 ක් ඔයා ගන්න ඕන. එය ඔබේ සිරුරේ සජලතාව නිසි ලෙස පවත්වාගෙන පරිවෘතීය ක්‍රියාවලියට උපකාර වෙනුඇත. අද ඉඳන් සීනි කෑම නම් නවත්තන්න. සීනි කියන්නේ අපට අනවශ්‍ය දෙයක්. ඔයාත් කටපුරා පිටිගුලි ගිලින, ඇඹලයෙක් වගේ සීනිම හොයන, ලබ්බ තිබ්බා වගේ ඇඟ වෙහෙසන්නේ නැතිව ඉන්න කෙනෙක්නම් ඊළඟ වැලන්ටයින් සමරන්න වෙන්නේ Hospital Bed එකක ඉඳන් වෙන්න පුළුවන්. වෙන කෙනෙක්ට ආදර කරන්න කලියෙන් තමන් තමන්ට ආදරය කරන්න පටන් ගන්න. තමන්ගේ නීරෝහීකම උදෙසා වැඩකටයුතු කරන්න. පෝෂදායී ආහාර රටාවකට නැඹුරු වෙන ගමන්ම ව්‍යායාම කරන්නත් අමතක කරන්න එපා. වැඩිය ඕනෙ නෑ අඩුම දවසකට මිනිත්තු 20 ක් ඒ සඳහා වෙන් කරන්න. මේ දේවල් හරියට කරොත් දැන් ඇන්ටි කෙනෙක් අන්කල් කෙනෙක් වගේ ඉන්න ඔයාගේ පෙනුම ඊළඟ වැලන්ටයින් එක එනකොට හැඩකාර විසේකාර කොල්ලෙක්/කෙල්ලෙක් ගේ පෙනුම ගන්නවා සත්තයි.මෙතෙක් කල් ඔයාගේ ජීවිතයේ තිබ්බ සුපුරුදු පුරුදු රටාව කඩා දමා අලුත් පුරුදු ජීවිතයට එකතු කරගන්න අද පටන් සිතට ගන්න. එහෙනම් Happy valentine එකක් වේවා!
blogger
Popular Posts
-
තියුණු මතක ශක්තියක් පැවතීම පුද්ගල පැවැත්මට ඉතා වැදගත් සාධකයක්. නමුත් ඔබ දන්නවාද අධික ලෙස එකතු කල සීනි (Added Sugar) සහිත ආහාර හා පාන වර්ග...
-
ඉතින් අපේ රටේ බොහෝ දෙනාගේ ජාතික පානය තේ ( Camellia sinensis ) බව නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. නමුත් තේ විතරක් නෙවෙයි මේ ලෝකයේ තියන එකම ප...
-
ගෙදර ඉන්න අක්කා වට්ටක්කා කිව්වට වට්ටක්කා දැන් ලෝකේම හොල්ලන අක්කා වෙලා ඉන්නේ. අපේ රටේ බොහෝ දෙනෙක් නොදන්නාකම නිසාම නොසලකා හරින විදේශ වෙළඳපොළ ත...
-
ඇයි දුඹුරු බිත්තර සුදු බිත්තර වලට වඩා මිළෙන් වැඩි? කිහිප දෙනෙකුම හෙල්දිපොඩ්ඩාගෙන් විමසපු පැනයකටයි අද පිළිතුරු දෙන්නේ. මුලින්ම කියන්න ඕන දුඹු...

Articles
© all rights reserved - 2024
made with by Nutripazo