ඔබ දන්නවාද ලොව පිළිකා අතර තුන්වන ස්ථානය උසුළන්නේ මහා අන්ත්‍ර හා ගුදමාර්ග පිළිකා බව. මෙය ලෝකයේ විතරක් නෙවේ ලංකාවේද පුද්ගලයින්ට වැළදෙන පිළිකා අතරින් තුන්වන ස්ථානයට පත්වන තිබෙනවා. පිරිමින් 23 කින් එක් අයෙකුටද, කාන්තාවන් 26 කින් එක් අයෙකුටද මෙම රෝගය වැළඳීමේ අවධානම තිබෙනවා. පිළිකාව කියූ සැනින් අප බොහෝ දෙනා බියට පත්වන බව සෑබෑවක්. තවද වර්තමානයේ පිළිකාමය රෝගී තත්වයන් සීග්‍රලෙස පැතීරී යන්නේ සිතා ගැනීමටවත් නොහැකි තරමේ වෙගයකින්. කෙසේ වෙතත් නිවැරදි ජීවණ පුරුදු මඟින් මෙම අවධානම අඩු කරගත හැකි අතර කල්තියා හඳුනා ගැනීමෙන් සම්පූර්ණ සුවය ලබා ගැනීමටද හැකිවේ. එබැවින් අද අපි මේ සම්බන්ධව තතු විමසා බලමු.
මෙවැනි අන්ත්‍ර පිළිකා සඳහා ප්‍රධාන වශයෙන් හේතුවන්නේ රතුමස් හා සකස් කරන ලද මස් වර්ගයි. මේවා මානව පිළිකාකාරක වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුන්වා දී තිබෙනවා. රතු මස් ලෙස ගව මස්, ඌරු මස්, බැටලු මස් ආදිය අයත් වන අතර සකස් කරන ලද මස් වර්ග ලෙස සොසේජස්, හැම්, බේකන් ආදිය හඳුන්වාදිය හැක.
මීට අමතරව ශාරීරික අක්‍රීය බව. එනම් ව්‍යායාම මදිකම මෙන්ම ස්ථූල බව ද මෙම පිළිකා අවදානමට හේතු වනවා. සාමාණ්‍යයෙන් දිනකට පැය භාගය බැඟින් සතියකට දින 5ක් පමණ ව්‍යායාම වල නිරත වීමෙන් ඔබගේ නිරෝගී බව වර්ධනය කරගත හැකිවනු ඇත.
තවද දුම්පානය, මත් පැන් පානය, දියවැඩියාව වැනි තත්වයන් මහාඅන්ත්‍ර පිළිකා අවධානව ඉහළ දමනු ඇත.
මෙහි රෝග ලක්ෂණ ලෙස ප්‍රධාන වශයෙන් මළපහ සමග රුධිරය පිටවීම, මළපහ කිරීමේ පුරුදු වල වෙනස්කම් ආදිය හඳුන්වා දිය හැක. කෙසේ වෙතත් කල්තියා හඳුනා ගැනීමෙන් මෙම රෝගී තත්වය සම්පූර්ණයෙන් සුවකල හැකිවේ.