ඉතින් අපේ රටේ බොහෝ දෙනාගේ ජාතික පානය තේ ( Camellia sinensis ) බව නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. නමුත් තේ විතරක් නෙවෙයි මේ ලෝකයේ තියන එකම පානය. ඉතින් අපගේ ඇඟට ගුණදායි ස්වභාවික පානයන් බොහොමයක් තව තියෙනෙවා.හැමදාම බොන තේක වෙනුවට අලුත් පෝෂක ශරීරයට ලබා ගන්න පුළුවන් වදමල් පානයකුත් නිවසේම හදාගෙන රසබලන්න අමතක කරන්න එපා.
බිව්වට විතරක් මදිනේ මේකේ පෝෂක ගුණගැනත් දැනුවත් වීම වටිනවා. 📌ප්‍රධාන වශයෙන් වදමල් වල beta-carotene, vitamin C and anthocyanin වැනි Anti oxidants එසේත් නැතිනම් ප්‍රති-ඔක්සිකාරක අඩංගු වෙනවා. මේවා මඟින් ඔබගේ ප්‍රශක්තීකරණ පද්ධතිය ශක්තිමත්කර ලෙඩ රෝග වලින් ඔබව ආරක්ෂා කරනු ලබනවා 📌මීට අමතරව වදමල් වලට රුධිර පීඩනය අඩු කිරීමට වගේම රුධිරයේ කොලෙස්ටරෝල් පහළ හෙලීමේ හැකියාව ඇතිබව සායනිකව තහවුරුවී තිබෙනවා එබැවින් මෙම පානය මඟින් හෘදයාබාධ සෑදීමේ අවධානම අවම කරනවා. 📌තවද දේහ බර අඩුකරලීමේ හැකියාවත් වදමල් වලට තිබෙනවා ඉතින් ලස්සන ළමයෝ ලස්සන වෙන්න නීරෝගී වෙන්න ලොකු ලොකු මුදල් ලොකු ලොකු කොම්පැණි වලට පුදකරන වෙලාවේ කිසිම මුදලක් වියදම් නොකර ස්වභාදහමෙන් අපට මේ ලැබිලා තියෙන දායාද ආදරෙන් වැළද ගන්න හිතට ගන්න ඔන්න ඉතින් ආයේ වෙන කාටවත් වද නොදී වදමල් පානයක් අදම රසබලන්නත් අමතක කරන්න එපා. ✍️මධුශාන් ඇතුගල
Showing posts with label Nutri Drink. Show all posts
Showing posts with label Nutri Drink. Show all posts
Subscribe to:
Posts (Atom)
Popular Posts
-
තියුණු මතක ශක්තියක් පැවතීම පුද්ගල පැවැත්මට ඉතා වැදගත් සාධකයක්. නමුත් ඔබ දන්නවාද අධික ලෙස එකතු කල සීනි (Added Sugar) සහිත ආහාර හා පාන වර්ග...
-
ඉතින් අපේ රටේ බොහෝ දෙනාගේ ජාතික පානය තේ ( Camellia sinensis ) බව නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. නමුත් තේ විතරක් නෙවෙයි මේ ලෝකයේ තියන එකම ප...
-
ගෙදර ඉන්න අක්කා වට්ටක්කා කිව්වට වට්ටක්කා දැන් ලෝකේම හොල්ලන අක්කා වෙලා ඉන්නේ. අපේ රටේ බොහෝ දෙනෙක් නොදන්නාකම නිසාම නොසලකා හරින විදේශ වෙළඳපොළ ත...
-
ඇයි දුඹුරු බිත්තර සුදු බිත්තර වලට වඩා මිළෙන් වැඩි? කිහිප දෙනෙකුම හෙල්දිපොඩ්ඩාගෙන් විමසපු පැනයකටයි අද පිළිතුරු දෙන්නේ. මුලින්ම කියන්න ඕන දුඹු...

Articles
© all rights reserved - 2024
made with by Nutripazo