Showing posts with label Nutri Food. Show all posts
Showing posts with label Nutri Food. Show all posts

කවුද අනේ වට්ටක්කා ඇට කන්නේ

No comments 0
ගෙදර ඉන්න අක්කා වට්ටක්කා කිව්වට වට්ටක්කා දැන් ලෝකේම හොල්ලන අක්කා වෙලා ඉන්නේ. අපේ රටේ බොහෝ දෙනෙක් නොදන්නාකම නිසාම නොසලකා හරින විදේශ වෙළඳපොළ තුල ජනප්රිය සන්නාම යටතේ දක්කනට ලැබෙන වට්ටක්කා ඇට වල පෝෂණීය වටිනාකම ගැන අද අපි කතා කරමු.
“කවුද අනේ වට්ටක්කා ඇට කන්නේ. අපි විසිකරනවානේ“ ඔව් මේක ලංකාවේ බොහෝ පවුල් වල සාමාන්ය කතාවයි. නමුත් අදින් පසුව නම් ඔබ වට්ටකා ඇට විසිකරන්නේ නැති බව නම් සහතිකයි. තන්තු බහුලව අඩංගු වට්ටක්කා ඇට වල කාබෝහයිඩ්රේට්, ප්රෝටීන් හා මේදය යන Macro Nutrients වලට අමතරව මැංගනීස්, මග්නීසියම්, පොස්පරස්, සින්ක් හා අයන් යන Micro Nutrients අන්තර්ගත වනවා.
flavonoids and phenolic acids වැනි Antioxidant බහුලව වට්ටක්කා ඇට වල අඩංගු වන නිසා අපගේ සිරුරේ සෛල ආරක්ෂා කරන අතර ප්රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරනු ලැබේ.
ඒවගේ ඇතැම් පිළිකා තත්වයන් වැළඳීමට ඇති අවධානම අඩු කරලීමට වට්ටක්කා ඇට සමත් වන බව 2012 වසරේදී සිදු කරන ලද විද්යාඅත්මක අධ්යනයක් මඟින් තහවුරු කර තිබෙනවා.
එමෙන්ම වට්ටක්කා ඇට කියන්නේ අපට පහසුවෙන්ම ස්වභාවිකව සොයා ගැනීමට ඇති මැග්නීසියම් බහුල ආහාරයක්. මැග්නීසියම් ඌණතාවන්ට ප්රතිකාර ලෙස භාවිතා කරන ඇතැම් ඖෂද සඳහාද වට්ටක්කා ඇට භාවිතා කරනවා.
එමෙන්ම සිදුකරන ලද අධ්යනයන් වලින් ඉදිරිපත් කරන ආකාරයට වට්ටක්කා ඇට ආහාරයට ගැනීමෙන් අධිරුධිර පීඩනයට වගේම හෘදයාබාද සඳහා ඇති අවධානමද අඩු කරලීමට හැකියාව තිබෙනවා.
ඒ විතරක් නෙවෙයි මේවායේ තන්තු බහුල නිසා මලබද්දයට හොඳම විසඳුමක් වනවා.
ඊළඟට ඔන්න වටිනාම එක කියන්නයි යන්නේ. මේක වැදගත් වෙන්නේ ඉතින් පිරිමි උදවියට තමා. මේක ඇහුවට පස්සේ ඕන් වට්ටක්කා ඇට අහුරු පිටින් ගිලින්න හදන්න එපා. ඉතින් මන් කිව්වනේ වට්ටක්කා ඇට වල සින්ක් අඩංගු වෙනවා කියලා. පොඩි ප්රමාණයක් නෙවෙයි බහුලව අන්තර්ගත වෙනවා මේ නිසාම ප්රුෂයින්ගේ ශුක්රානු වල ගුණාත්මක භාවය වැඩි කරලීමට මේවාට හැකියාව තිබෙනවා. මදසරුභවට ඇති අවධානම අඩු කරමින් පුරුෂයින්ගේ සරු බව වැඩි කරගන්න ඕන් වට්ටක්කා ඇට කෑවොත් පුළුවන්.
ඉතින් මේවෙනකොට රෝස්ට් කරනට ලද වට්ටක්කා ඇට වලට විදේශ වෙළඳපොළ තුල විශාල ඉල්ලුමක් තියනවා. ලංකාවෙත් ඇතැම් සුපිරි වෙළඳසැලවල ඔයාට වට්ටක්කා ඇට පැකට් කරලා තියනවා දැක්කොත් දැන් පුදුම වෙන්න දෙයක් නෑ. ඉතින් අද ඉඳන්වත් ගෙදරදී වට්ටක්කා උයද්දී ඇට විසිකරන්නේ නැතුව කබලේ බැද ගෙන පිරිසිදු බෝතලේක දාලා හෙමීට කන්න පටන් ගන්න.
ලිපිය සැකසීම
පෝෂණවේදී - N.M ඇතුගල මහතා
ඔබට සුවැති දිවියක්!

නිදන්ගත රෝග මඩින කටු අනෝදා

No comments 0

ඉතාමත් මිහිරි පළතුරක් වන කටු අනෝදා ශුෂ්ක ප්රදේශ වල පහසුවෙන් සොයා ගත හැකි පළතුරකි.
මෙහි පෝෂක ගත් කළ අඩු කැලරි ප්රමාණයක් හා වැඩි තන්තු ප්රමාණයකින් යුක්තවේ. මේ නිසාම හැඩැති සිරුරකට කටුඅනෝදා පානය ඉතාමත් ගුණදායකය.එමෙන්ම විටමි A හා C බහුලව අන්තර්ගත වේ
කටු අනෝදා වල ප්රති ඔක්සිකාරක බහුලව අඩංගුවේ. මේවා මඟින් අපේ ශරීරයේ ඇති Free Radicals නම් අහිතකර සංගටක උදාසීන කර සිරුරේ සෛල විනාශ නොවී ආරක්ෂා කරනු ඇත. Test-tube අධ්යනයන් මඟින් මෙම කටුඅනෝදා වල අඩංගු ප්රතිඔක්සිකාරක මගින් මෙම Free Radicals උදාසීන කිරීමත් නිදන් ගත රෝග අවධානම මින් අඩු කරන බවත් සොයා ගෙන ඇත.
අපගේ ශරීරයට නව ජවයක් ලබා දෙන අපේ රටේ පහසුවෙන්ම සොයා ගත හැකි කටු අනෝදා රසබලන්න අමතක කරන්න නම් එපා
💚ඔබට සුවැති දිවියක්!

අක්මාව ආරක්ෂා කරන අලිගැට පේර කමු

No comments 0

 

අලිගැට පේර යනු ඔබේ අක්මාවට සුපිරි ආරක්ෂකයෙකු බව ඔබ දැන සිටියාද? අලිගැට පේර වල ග්ලූටොතෝයින් , විටමින් C ,හා විටමින් D අඩංගු වෙනවා.මෙම පෝෂක ප්රතිඔක්සිකාරක ලෙස ක්රියාකරමින් විනාශකාරී රැඩිකල් ඉවත්කරමින් අක්මා සෛල ආරක්ෂා කරනු ලබනවා.එමෙන්ම මෙහි අන්තර්ගත සරු පොටෑසියම් රුධිර පීඩනය මනාව පවත්වා ගැනීමට ඉවහල් වෙනවා.තවද අලිගැටපේර වල ඒක අසංතෘප්ත මේදය වන ඕලෙයික් ඇසිඩ් බහුලව ඇති අතර එය හදවතෙහි නීරෝගී ක්රියාකාරිත්වයට උපකාරි වෙනවා.
ඔබත් සතියකට වරක්වත් ඔබේ ආහාර රටාවට අලිගැට පේර අඩංගු රසවත් ආහාරයක් පිළියල කර රස බලන්න පුරුදු වන්න.

💚ඔබට සුවැති දිවියක්!


© all rights reserved - 2024
made with by Nutripazo