Showing posts with label Nutri Info. Show all posts
Showing posts with label Nutri Info. Show all posts

කවුරුත් දන්නා නමුත් ගණන් නොගන්නා දිව ඔසුව

No comments 0

ලංකාව වැනි රටවල ඉතාම පහසුවෙන් ගෙවත්තේම පැලකර ගත හැකි ඖෂදීය පැළෑටියක් තමා කරපිංචා කියන්නේ . කරපිංචා (Curry Leaves) ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ සහ දකුණු ආසියාතික රටවල් වල ආහාර රස ගැන්වීම සඳහා භාවිතා කරන ස්වභාවික රසකාරකයක්. විශේෂයෙන්ම ආහාරයට රසය හා සුවඳ එක් කිරීම සඳහා භාවිතා වුවත්, එය අන්තර්ගතය වන ඖෂධීය ගුණ හේතුකොට ගනිමින් සෞඛ්‍යයටද මහත් වාසියක් ලබා දේ.



1. ආහාර ජීර්ණය පහසු කරයි 

කරපිංචාවල  ඇති සංගටක හා තන්තු මඟින් ආහාර ජීර්ණ ක්‍රියාවලිය පහසු කරනු ලබයි . ඒ නිසා උදර වායු සහ ගෑස් තත්වයන් වලින් මුදවා ගැනීමට උපකාරී වේ.

2. රුධිරයේ සීනි මට්ටම පාලනය

අධික රුධිර සීනි (Diabetes) ඇති අය සඳහා කරපිංචා භාවිතය ඉතා ගුණදායී වේ . එය insulin sensitivity වැඩිකරන බව පර්යේෂණවලින් හෙළිවී ඇත.

3. කෙස් වැටීම අවම කිරීම සහ කෙස් වර්ධනය

කරපිංචා තෙල් ලෙස භාවිතා කිරීමෙන් කෙස් වැටීම අඩු වීම, කෙස් වර්ධනය වීම සහ හිස් හොරි ඉවත් වීමේ හැකියාව ඇත.

4. මල වසංගත රෝග වලට ප්‍රතිශක්තිය

එහි ඇති ඇන්ටිඔක්සිඩන්ට් (Antioxidants), විටමින් සහ Alkaloids නිසා ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය වීමට සහ රෝග ආසාදනයන්ට එරෙහිව පවතින්නට උපකාරී වේ.

5. සිරුරේ විෂ ද්‍රව්‍ය ඉවත් කිරීම

කරපිංචාවේ විෂ නාශක ගුණ ඇති නිසා, ඒවා සිරුරේ විෂ ද්‍රව්‍ය ඉවත් කර ශුද්ධ කිරීමේ ක්‍රියාවලියක් සිදුවේ.

6. කෝලස්ටරෝල් පාලනය

කොලස්ටරෝල් මට්ටම් පාලනය කිරීමේ හැකියාව ද කරපිංචා වල ඇති අතර, හෘද රෝග අවධානම අඩු කරලීමේ  හැකියාවක් ද ඇත.


කරපිංචා භාවිතා කිරීමේ ක්‍රම:

  • ව්‍යාංජනවලට එකතු කිරීම

  • කරපිංචා තේ වශයෙන් පානය කිරීම

  • කරපිංචා තෙල් සාදා හිසට යෙදීම

  • වියලූ කරපිංචා කුඩු කර භාවිතා කිරීම

ඔයා මෙච්චර කල් කෑවේ ඇත්තම චොකොලට් ද?

No comments 0

 



චොකලට් නම මතක් වෙනකොටත් කටට කෙල උනනවා නේද? අපි කවුරුත් ලොකු කුඩා භේදයකින් තොරව චොකලට් වලට පෙරේතයි. හැබැයි ඔබ ඔය රස කර කර කන්නේ ඇත්තම චොකලට් ද කියල හොයලා බැලුවද?

චොකොලට් වල ප්‍රධාන අන්තර්ගතය ලෙස කොකෝවා බටර් තිබිය යුතුයි. හැබැයි සමහර චොකලට් කියා හඳුන්වන ඒවාගේ කොකෝවා බටර් අඩංගු වෙන්නේ නෑ. කොකෝවා බටර් අඩංගු නොවන ආහාර චොකොලට් ලෙස නම් කරන්නත් බෑ. අන්න ඒ නිසා ඒවා “ චොකෝ, චොක්ස්“ වගේ වෙනත් නම් වලින් තමා ලේබල් කරලා වෙළඳපොළට එන්නේ. එතකොට මේ අපි සඳහන් කල කොකෝවා බටර් මිළෙන් වැඩියි. ඒ නිසා තමා කොකෝවා බටර් අන්තර් ගත චොකොලට් මිලෙන් සාපේෂව අධික වන්නේ. ඒ කියන්නේ එකම බරින් යුතු “චොකෝ“ එකකට වඩා “චොකලට්“ එකක් මිළෙන් වැඩියි. 

ඔයාගේ ආදරණීයන් සමඟ බෙදා හදා ගන්නේ ඇත්තෙම චොකලට්ද කියා මින් පසුවවත් දවටනය හොඳින් බලා මිලදී ගන්න උත්සාහ කරන්න. 


පෝෂණවේදී මධුශාන් ඇතුගල


වඩාත් ගුණ සුදු පාට කුකුල් බිත්තරද? දුඹුරු පාට බිත්තරද?

No comments 0


ඇයි දුඹුරු බිත්තර සුදු බිත්තර වලට වඩා මිළෙන් වැඩි?
කිහිප දෙනෙකුම හෙල්දිපොඩ්ඩාගෙන් විමසපු පැනයකටයි අද පිළිතුරු දෙන්නේ.
මුලින්ම කියන්න ඕන දුඹුරු බිත්තර හා සුදු බිත්තර යන දෙවර්ගයම පාට අතින් වෙනස් වූවාට ගුණාත්මක බවින් සමාන බව
හරි මීළඟ ගැටළුව තමා ඇයි දුඹුරු බිත්තර මිළෙන් වැඩි ?

ඒකට හේතුව ගුණාත්මක බව නෙවෙයි කියා දැන් ඔබ දන්නවා. සුදු පාට බිත්තර දාන කිකිළියන් සාමාණ්ය්න් සුදු පාටවන අතර දුඹුරු බිත්තර දාන් කිකිළියන් රතු දුඹුරු පැහැයක් ගන්නවා. ඒ වගේම දුඹුරු පාට කිකිළියන් සුදු පාට බිත්තර දාන කිකිළියන්ට වඩා ප්රමාණයෙන් විශාල අතර අහාරයට කන්නා කෑම ප්රමාණයද සාපේක්ෂව වැඩියි. මේ නිසාම සුදු පාට කිකිළියන්ගේ නඩත්තුවට වඩා දුඹුරු කිකිළියන් නඩත්තුවට යන වියදම අධිකයි. ඔන්න මේ හේතුව නිසා දුඹුරු බිත්තර මිළ වැඩියෙන් වෙළෙන්දන් විකුණනු ලබනවා. 

හිතුමතේට විටමින් ගත්තොත්?

No comments 0

 

විටමින් කියන්නේ අපගේ ශරීරයට අත්යාවශ්ය ක්ෂුද්ර පෝෂකයක්..පළතුරු හා එළවළු කෑමෙන් ස්වභාවිකවම මෙම විටමින් වර්ග අපගේ ශරීරයට ලබා ගතහැක. නමුත් වර්ථමානයේ මිනිසුන් කිසිදු පෝෂණවේදියෙකුගේ හෝ වෛද්යවරයෙකුගේ නිර්දේශයකින් තොරව තම හිතුමතේට විටමින් ගැනීමට පුරුදුව සිටිනවා. මේදයේ දියවන විටමින් හා මේදයේ දිය නොවනවිටමින් (ජලයේ දියවන) ලෙස ප්රධාන වශයෙන් විටමින් බෙදා දැක්විය හැකි අතර. මින් මේදයේ දිය වන (ජලයේ දියනොවන) විටමින් ලෙස විටමින් ඒ, කේ, ඩී හා ඊ දැක්විය හැක. මෙම විටමින් අධික ලෙස ගැනීමෙන් ඒවා ශරීරයේ තැන්පත් වී විවිධ සංකූලතා ඇති කරයි. අක්මාවටද අහිතකරයි. එබැවින් හැකි සෑම විටම ස්වභාවික පළතුරු හා එළවළු වලින් ශරීරයට දෛනිකව අවශ්ය කරන විටමින් සපුරා ගැනීමට බුද්ධිමත් ඔබ වගබලා ගතයුතුය.

💚ඔබට සුවැති දිවියක්!


© all rights reserved - 2024
made with by Nutripazo