Showing posts with label Nutri Life. Show all posts
Showing posts with label Nutri Life. Show all posts

මෙදා සිංහල අවුරුද්දට කට පරිස්සම් කරගන්න

No comments 0


ළඟ ළගම එන අවුරුද්දට හැමදෙනාම ලහි ලහියේ සූදනම් වෙන්නේ නැවුම් බලාපොරොත්තු ගොඩක් සමඟින්. විශේෂයෙන්ම අවූරුදු කැවිලි මේසේ පිරෙන්නම කැවිලි සූදානම් කරන්න අපේ අය අමතක කරන්නේ නෑ. ගෙදරිනුත් කැවිලි කාල නෑගම් ගිහින් යන හැම ගෙදරකිනුත් කැවිලි කන එකත් චාරිත්‍රානුකූලවම සිදු කරනවා. මේ දිනවල ඉතින් දියවැඩියා රෝගීන්, කොලෙස්ටරෝල් රෝගීන්ට තම රෝග පවා අමතක වෙනවා කැවිලි දකිද්දි. මේ මාසේ විතරනේ ඔන්න ඊළඟ මාසෙ ඉඳන්නම් කෑම පාලනය කරනවා කියලා තමන්ගේ හිතටම බොහෝ දෙනා පවසනවා.

විශේෂයෙන්ම අවුරුදු සමයේ ඔයාගේ බඩට වැඩිපුරම යන්නේ තෙල්, සීනි ,පිටි. මේවා අධික ලෙස පරිභෝජනය ඇත්තෙන්ම ඔබගේ සෞඛ්‍යට හානි කරයි. අන්න ඒ නිසයි කට පරිස්සමින් මෙදා අවුරුද්ද ඔබ ගත කල යුත්තේ. 

ඉතින් මේ අවුරුදු සමයේ කොහොමද ඔබ කට පරිස්සම් කරගෙන අවුරුදුත් කාගෙන සෞඛ්‍ය සම්පන්නව ඉන්නේ කියලා අපි බලමු. 

මුලින්ම මේ කාලයේ වෙනදාටත් වඩා ජලය පානය කරන්න හුරුවෙන්න. එවිට ඔබගන්නා ආහාර බොහොමයක හානිදායක සංගටක ඔබගේ සිරුරෙන් බැහැර කර ගැනීමට පහසු වනු ඇත.

ඊළට ගොඩක් දෙනෙක්ට එන ගැටලුව තමා “කොහොමද ඉතින් නෑ ගෙදරකට ගිහාම මුකුත් නොකා ඉන්නේ. එහෙම හරි නෑනේ. එයාලා අපි ගැන මොනවා හිතයිද“  මුලින්ම මෙහෙම දෙයක් කියන්න ඕනා අනිත් අය ඔයා ගැන හිතන දේ හිතන්න කලින් ඔයා ඔයා ගැන හිතන්න, ඔයා ඔයාව බලාගන්න ඕනා. මුලින්ම ඔයා නිවසේ ඉන්නා විට පැණිරස, කැවිලි වර්ග කන එක නවත්වන්න. ඒක ඔයාට පහසුවෙන්ම කරන්න පුලුවන් දෙයක් මොකද එතනදී කවුරුත් ඔයාට මුකුත් කියන්නේත් නෑ ඔයා කනවද නැද්ද කියලා බලන්නෙත් නෑ. ඊළඟට නෑ ගෙදරකට ගිහාම ළඟට ගේන හැම කැවිලි වර්ගයක්ම කාලා ඉවර කිරීමේ වගකීම ඔයා ගන්න යන්න එපා. අනිත්දේ තමා මුලින්ම එයාලට කියන්න ඔයාට සීනි නොදා තේකක් හදන්න කියලා. එයාලා එහෙම කිව්ව කියලා අහිතක් හිතන්නේ නෑ. අන්න එත්කොට ඔයාට පුලුවන් කැමති එක් කැවිලි වර්ගයක් සමඟ තේකක් සීනි නොදා බොන්න. එවිට ඔයාගේ සිරුරට ඇතුල් වන සීනි ප්‍රමාණයත් තරමක් පාලනය වනවා.

ඉතින් මේ දිනවල හොඳට කාලා නිදාගන්නවා කියන ආකල්පයෙන් බැහැරව පොඩ්ඩක් ව්‍යායාම ටිකක් කරන්න. අඩුම තරමේ අවුරු ක්‍රීඩාවලටවත් සම්බන්ධවෙන්න. මොකද ශාරීරිකව ඔයා ක්‍රියාකාරී වන තරමට ඔයාට  ඔයාගේ ශරීරයේ තැන්පත් වන අධික මේද ප්‍රමාණය දහනය කර ගත හැක. පුළුවන්නම් ලඟපාත තියෙන නෑදෑ ගෙවල් වලට පයින්ම යන්න උත්සාහ කරන්න. 

මේ දිනවල බෝහෝ ගෙවල් වල පානයට ඇත්තේ කෝඩියල් වැනි පැණිරසින් අධික බීම වර්ගයි. ඒ වෙනුවට ඔයා පොඩි වෙනසක් කරන්න. ඔයාගේ නිවසට එන උදවියට රණවරා කෝප්පයක්, බෙලිමල් , ඉරමුසු, කරපිංචා තේ වැනි ඖෂදීය පානයක් සකසා දෙන්න. එවිට ඔය ලේවල තියන සීනී, තෙල් හා අනෙකුත් විෂ නසා ප්‍රබෝධවත්ව අන් අය සමඟ සුහද පිළිසඳරකද යෙදිය හැක. 

ඉතින් මෙදා අවුරුද්දේ පෙර ඔබ ගතකල රටාවෙන් මිදී අලුත් පුරුදු සමඟ අලුත් අවුරුද්දට  පාතබන්න 


✍️ පෝෂණවේදී මධුශාන් ඇතුගල 

අන්ත්‍ර පිළිකා ගැන දත යුතු මන්ත්‍රය

No comments 0


ඔබ දන්නවාද ලොව පිළිකා අතර තුන්වන ස්ථානය උසුළන්නේ මහා අන්ත්‍ර හා ගුදමාර්ග පිළිකා බව. මෙය ලෝකයේ විතරක් නෙවේ ලංකාවේද පුද්ගලයින්ට වැළදෙන පිළිකා අතරින් තුන්වන ස්ථානයට පත්වන තිබෙනවා. පිරිමින් 23 කින් එක් අයෙකුටද, කාන්තාවන් 26 කින් එක් අයෙකුටද මෙම රෝගය වැළඳීමේ අවධානම තිබෙනවා. පිළිකාව කියූ සැනින් අප බොහෝ දෙනා බියට පත්වන බව සෑබෑවක්. තවද වර්තමානයේ පිළිකාමය රෝගී තත්වයන් සීග්‍රලෙස පැතීරී යන්නේ සිතා ගැනීමටවත් නොහැකි තරමේ වෙගයකින්. කෙසේ වෙතත් නිවැරදි ජීවණ පුරුදු මඟින් මෙම අවධානම අඩු කරගත හැකි අතර කල්තියා හඳුනා ගැනීමෙන් සම්පූර්ණ සුවය ලබා ගැනීමටද හැකිවේ. එබැවින් අද අපි මේ සම්බන්ධව තතු විමසා බලමු.


මෙවැනි අන්ත්‍ර පිළිකා සඳහා ප්‍රධාන වශයෙන් හේතුවන්නේ රතුමස් හා සකස් කරන ලද මස් වර්ගයි. මේවා මානව පිළිකාකාරක වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුන්වා දී තිබෙනවා. රතු මස් ලෙස ගව මස්, ඌරු මස්, බැටලු මස් ආදිය අයත් වන අතර සකස් කරන ලද මස් වර්ග ලෙස සොසේජස්, හැම්, බේකන් ආදිය හඳුන්වාදිය හැක. 


මීට අමතරව ශාරීරික අක්‍රීය බව. එනම් ව්‍යායාම මදිකම මෙන්ම ස්ථූල බව ද මෙම පිළිකා අවදානමට හේතු වනවා. සාමාණ්‍යයෙන් දිනකට පැය භාගය බැඟින් සතියකට දින 5ක් පමණ ව්‍යායාම වල නිරත වීමෙන් ඔබගේ නිරෝගී බව වර්ධනය කරගත හැකිවනු ඇත.


තවද දුම්පානය, මත් පැන් පානය, දියවැඩියාව වැනි තත්වයන් මහාඅන්ත්‍ර පිළිකා අවධානව ඉහළ දමනු ඇත. 


මෙහි රෝග ලක්ෂණ ලෙස ප්‍රධාන වශයෙන් මළපහ සමග රුධිරය පිටවීම, මළපහ කිරීමේ පුරුදු වල වෙනස්කම් ආදිය හඳුන්වා දිය හැක. කෙසේ වෙතත් කල්තියා හඳුනා ගැනීමෙන් මෙම රෝගී තත්වය සම්පූර්ණයෙන් සුවකල හැකිවේ.

එන්න අපි valentine සමරමු

No comments 0
ඔයාට කෙනෙක් හිටියත් නැතත් ඔයා ඔයත් එක්කම අද පටන් මෙහෙම valentine සමරන්න. ඔයාට ලබුණු මේ ජීවිතයට මුලින්ම ස්තූතිවන්ත වන්න. උදේ අවදි වූ ගමන්ම වතුර වීදුරුවක් පානය කර දවස අරඹන්න. දවසට අවම ජලය ලීටර 2 ක් ඔයා ගන්න ඕන. එය ඔබේ සිරුරේ සජලතාව නිසි ලෙස පවත්වාගෙන පරිවෘතීය ක්‍රියාවලියට උපකාර වෙනුඇත. අද ඉඳන් සීනි කෑම නම් නවත්තන්න. සීනි කියන්නේ අපට අනවශ්‍ය දෙයක්. ඔයාත් කටපුරා පිටිගුලි ගිලින, ඇඹලයෙක් වගේ සීනිම හොයන, ලබ්බ තිබ්බා වගේ ඇඟ වෙහෙසන්නේ නැතිව ඉන්න කෙනෙක්නම් ඊළඟ වැලන්ටයින් සමරන්න වෙන්නේ Hospital Bed එකක ඉඳන් වෙන්න පුළුවන්. වෙන කෙනෙක්ට ආදර කරන්න කලියෙන් තමන් තමන්ට ආදරය කරන්න පටන් ගන්න. තමන්ගේ නීරෝහීකම උදෙසා වැඩකටයුතු කරන්න. පෝෂදායී ආහාර රටාවකට නැඹුරු වෙන ගමන්ම ව්‍යායාම කරන්නත් අමතක කරන්න එපා. වැඩිය ඕනෙ නෑ අඩුම දවසකට මිනිත්තු 20 ක් ඒ සඳහා වෙන් කරන්න. මේ දේවල් හරියට කරොත් දැන් ඇන්ටි කෙනෙක් අන්කල් කෙනෙක් වගේ ඉන්න ඔයාගේ පෙනුම ඊළඟ වැලන්ටයින් එක එනකොට හැඩකාර විසේකාර කොල්ලෙක්/කෙල්ලෙක් ගේ පෙනුම ගන්නවා සත්තයි.මෙතෙක් කල් ඔයාගේ ජීවිතයේ තිබ්බ සුපුරුදු පුරුදු රටාව කඩා දමා අලුත් පුරුදු ජීවිතයට එකතු කරගන්න අද පටන් සිතට ගන්න. එහෙනම් Happy valentine එකක් වේවා!




ඔයාත් මේක TEST කරාද?

No comments 0

 


මෑත දශකයේ වැඩි වශයෙන් අපට දියවැඩියා රෝගීන් මුණගැසෙනවා. අතීතයේ නම් බොහෝවිට අවුරුදු 35ක් ඉක්මවූ පුද්ගලයින් දියවැඩියා රෝගීන් ලෙස හමුවූවත් වර්තතමානයේ අවු 15 -20 කුඩා දරුවන් පවා දියවැඩියා රෝගයෙන් පිඩාවිඳිනවා. මීට ප්‍රාධානම හේතුව ලෙස දක්නට ලැබෙන්නේ වැරදි ආහාර රටා හා සෞඛ්‍ය පුරුදු. 

ප්‍රධාන වශයෙන් දියවැඩියාව  Type 1 Diabetes, Type 2 Diabetes, Gastational Diabetes ලෙස වර්ග කර දැක්විය හැක. මින් සුලභව දැක්නට ලැබෙන්නේ Type 2 අවස්තාවයි. මිනිස් ශරීරයේ පවතින හැම රසායනිකයක්ම ඊට අනුරූප නිශ්චිත මට්ටම්කින් පැවතිය යුතුයි. විශේෂයෙන්ම අපේ රුධිරයේ ග්ලූකෝස්මට්ටම යාමනය කරන්නේ ඉන්සියුලෙන් හා ග්ලූකෝගන් යන හෝමෝනයි. රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය අගයට වඩා වැඩි වූ විය ඉන්සියුලින් මඟින් ද සාමාන්‍ය අගයට වඩා අඩුවූ විට ග්ලූකෝගන් මඟින්ද යාමනය කරනු ලබනවා. නීරාහාර රුධිරයේ සීනි මට්ටම 126 mg/dl ට වඩා වැඩි නම් අප Diabetes තත්වය ලෙස හඳුන්වනු ලබනවා.

ඔබ අධික තරබාරු, ආහාර ගැන වැඩි සැලකිල්ලක් නොදක්වන, Physicaly Inactive කෙනෙක්නම් රුධිර සීනි පරීක්ෂාවක් කරගැනීම ඉතාමත් වටිනවා. කෙසේ වෙතත් දියවැඩියාව සෑදීමට පෙර එය වළක්වා ගැනීමට ඔබ අදිටන් කරගත යුතුයි. 

මේ සම්බන්ධව ඔබව වැඩිදුරටත් දැනුවත් කීරීමට ඉදිරියේදී මා සූදානමින් සිටිනවා. 

එතෙක් ඔබට සුවැති දිවියක් !! 

ආ පැටියෝ ඔයාට අමතකද?

No comments 0


 

තියුණු මතක ශක්තියක් පැවතීම පුද්ගල පැවැත්මට ඉතා වැදගත් සාධකයක්. නමුත් ඔබ දන්නවාද අධික ලෙස එකතු කල සීනි (Added Sugar)  සහිත ආහාර හා පාන වර්ග ගැනීමෙන් පුද්ගල මතකය අඩුවන බව. ඔව් පර්යේෂණාත්මකව හොයා ගෙන ඇති පරිදි නිතර අධික සීනි සහිත ආහාර පාන වර්ග ගැනීමෙන් පුද්ගලයෙකුගේ මතකය අඩුවීම වගේම Brain Volume එක අඩු වීම සිදුවිය හැක. විශේෂයෙන්ම මෙය මොළයේ කෙටි කාලීන මතක ගබඩාවට බලපෑමක් ඇති කරනු ඇත. ඉතින් සීනි Cut කිරීම ඔයාගේ මොළය විතරක් නොව මුළු ශරීරයම නීරෝගී කරනු ඇත.


තඩි බඩ මට්ටු කරන 2025 ට පා තබමු

No comments 0

 


බොහෝ දෙනෙක්ට තිබෙන ගැටලුවක් වනුයේ තමාසතු ඉදිරියට නෙරූ විශාල උදරය. මේ නිසාම තමන් කැමති ඇඳුමක් ඇඳ ගැනීමට නොහැකිව බොහෝ දෙනෙක් කනස්සල්ලෙන් පසු වෙයි. ඉතින් කොච්චර දුක් උනත් වැඩක් නෑ ඔයා ඒ සඳහා යම් කිසි ක්‍රියාත්මක විමක් සිදුනොකරන්නේ නම්. අපි හැමෝම කැමතියි ලස්සනට අඳින්න පලඳින්න. විශේෂයෙන්ම ඔබ කාන්තාවක් නම් ඔබගේ ලස්සන ගැන වැඩිපුර සිතනවා ඇති. ලස්සන ගැන විතරක් නෙවෙයි නීරෝගීකම ගැනත් ඔබ සිතිය යුතුයි, අනික්දේ තමා කොච්චර හිතුවත් වැඩක් නෑ ඔබ ඒ සඳහා පියවර නොගන්නේ නම්. හොඳයි දැන් සිතන එක නවත්තන්න මෙච්චර කල් ඔයා කලේ හිතපු එක විතරයිනේ තාම ප්‍රතිඵලයක් නෑ නේද? එහෙනම් 2025 ක්‍රියාත්මක වන වසරක් බවට පත්කරගමු. 


🍅 පිටිගුලි ගිලපු ඔයා ස්වභාවික ආහාර රටාවකට නැඹුරුවන වසරක් 


🍅 දිනකට මිනිත්තු 30 ක් ව්‍යායාම කරන වසරක්


🍅 සීනී රහිත ආහාර රටාවකට හුරුවන වසරක් 


🍅 දිනකට අවම ජලය ලීටර  2.5 ක් පානය කරන වසරක් 


🍅 දිනකට අවම පැය 6ක සුවදායී නින්දක් ලබාගන්නා වසරක්


🍅 මානසික සුවය වෙනුවෙන් කැපවෙන වසරක්


🍅 කෂනික ආහාර වලට තිත තබන වසරක් 


එහනම් අරඹන්න ලෙඩින් තොර හැඩෙන් ඉන්න නීරෝහී වසරක් 



සතයක්වත් වියදම් නොකර විටමින් E කරල් ගෙදරම හදාගමු

No comments 0

මේවන විට විටමින් E කරල් මිළදී ගෙන භාවිතය Trend එකක් බවට පත් වී තිබෙනවා. නමුත් බොහෝ දෙනා මෙලෙස විටමින් E ලබා ගන්නේ නිසි අවබෝධයකින් තොරව බව පෙනී යනවා. විටමින් E වලට ඔබේ ශරීරයේ සෛල වියපත් වීම පමා කිරීමට මෙන්ම හිසකෙස් නීරෝගීව තබා ගැනීමේ හැකියාව පවතිනවා. නමුත් ඔබ හිතු මතේට විටමින් E කරල් භාවිතය ශරීරයට හානිකර තත්ව ඇති කල හැකි බවත් මතක තබා ගන්න. විශේෂයෙන්ම ඔබ warfarin, aspirin, or clopidogrel. වැනි ඖෂධ භාවිතා කරන ගමන් විටමින් E භාවිතා කිරීමෙන් රුධිර ගැලීමේ අවධානම ඉහළයනු ඇත. කෙසේ වෙතත් විටමින්  E ස්වභාවිකවම ඔබට සපයා ගත හැකි හොඳ ආහාරයක් තමා නිවිතිය කියන්නේ. ඉතින් නිවිතිය ඔබේ ගෙවත්තේ පහසුවෙන්ම රෝපණය කරගැනීමට හැකි නිසා සතයක්වත් වියදම් නොකර දෛනික විටමින් E අව්ශ්‍යතාව සපුරා ගැනීමට එය උපකාරී වෙනුඇත. මීට අමතරව අලිගැටපේර, අඹ, තක්කාලි, , ආමන්ඩ්, රට කජු ආදියෙත් විටමින් E අන්තර්ගතව ඇත. ඉතින් අතේ මුදලත් ඉතුරු කරගෙන ස්වභාවිකවම විටමින් E ලබාගන්න ඔබේ ගෙවත්තෙන්ම වැඩ අරඹන්න.

© all rights reserved - 2024
made with by Nutripazo