මේ දවස්වල එක දිගට තරුණ සියදිවි නසා ගැනීම් කීපයක්ම අසන්නට ලැබුනු නිසා මනෝවිද්‍යාව හදාරපු කෙනෙක් වශයෙන් යමක් පැවසිය යුතුම බව සිතුනා. මුලින්ම පැවසිය යුතුයි ජීවිතයෙන් පැනයාම කිසිසේත්ම විකල්පයක් නොවන බව. මේ ලෝකේ ඕනම කෙනෙක්ට යම් යම් කාල වලදී ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවෙන එක ලෝක ස්වභාවයයි. ඒ නිසා ඔයා ඉන්නේ මානසික පීඩනයක නම් ඔබ උපරිම උත්සාහකල යුතුයි ඔබගේ සිතුවිලි රටාව වෙනස් කර ගැනීමට. මේ සඳහා ඔබට මනෝඋපදේශකයෙකුගේ උපකාරය ලබා ගත හැක. ඔබගේ සිතේ තිබෙන පීඩාකාරී තත්වයන්ට සහනයක් ලබා ගැනීමට පහත පියවරයන් අනුගමනය කල හැක. 🟠හැකි සෑම විටම හුදකලා වීමෙන් වැළකී ඔබ ළඟම හිතවතුන් පිරිසක් ඇසුරු කරන්න. 🟠ඔබගේ හිතේ තිබෙන වේදනාව ඔබට විශ්වාසනීය පුද්ගලයෙකුට හෝ මනෝඋපදේශකයෙකුට පවසන්න. එය ඔබට සහනයක් ගෙන දෙනු ඇත. 🟠ඔබට පහසු ව්‍යායාම කීපයක් දිනකට කිරීමට උත්සාහ කරන්න. ව්‍යායාම කිරීම ම්ඟින් සිරුරේ ඩොපමීන් නම් හෝමෝන ස්‍රාවය උත්තේජනය කරයි. ඩෝපමින් සතුටට හේතුවන හෝමෝනයකි ( Happy Hormones) 🟠මියුරු සංගීතයකට සවන් දීමෙන්ද ඔබගේ සිත සන්සුන් කර ගත හැක. 🟠Doodle Art පාට කිරීමත් ඔබගේ මනසට සන්සුන් බවක් ලබා දෙනු ඇත. මේ සඳහා අන්තර්ජාලයෙන් Doodle Arts ලෙස Type කර රූප සටහන් නොමිලයේම Download කර ලැබෙන රූප සටහන් Print කර ගත හැක. මනසේ සාමාන්‍ය ස්වභාවය තමයි දරුණු වේදනාවකින් අනතුරුව අවම මාස 6 කට පසුව ක්‍රමානුකූලව වේදනාව පහව යාම. නමුත් ඇතැමුන්ට එය කාංසාව හෝ ව්ෂාදය වැනි තත්වයන් කරා ගෙනයනු ඇත. කෙසේ වෙතත් ඔබට යම් අවස්ථාවකදී ජීවිතයෙන් පැනයාමට තරම් මානසික අවපීඩනයක් ඇති වුවහොත් මෙම අංක වලට වහාම අමතන්න. 1333, 1926 . දවසේ ඕනෑම වෙලාවක ඔවුන් ඔබට සහය දක්වනු ඇත. නැවතත් ජීවිතය කියන්නේම ප්‍රශ්න පත්‍රයක්. ඉතින් මේ ප්‍රශ්න වලට පිළිතුරු එකින් එක සපයමින් ජීවිතේ ඉස්සරට රැගෙන යමු. 🧡💪ඔබට ජය
Showing posts with label Nutri Mind. Show all posts
Showing posts with label Nutri Mind. Show all posts
Subscribe to:
Posts (Atom)
Popular Posts
-
තියුණු මතක ශක්තියක් පැවතීම පුද්ගල පැවැත්මට ඉතා වැදගත් සාධකයක්. නමුත් ඔබ දන්නවාද අධික ලෙස එකතු කල සීනි (Added Sugar) සහිත ආහාර හා පාන වර්ග...
-
ඉතින් අපේ රටේ බොහෝ දෙනාගේ ජාතික පානය තේ ( Camellia sinensis ) බව නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. නමුත් තේ විතරක් නෙවෙයි මේ ලෝකයේ තියන එකම ප...
-
ගෙදර ඉන්න අක්කා වට්ටක්කා කිව්වට වට්ටක්කා දැන් ලෝකේම හොල්ලන අක්කා වෙලා ඉන්නේ. අපේ රටේ බොහෝ දෙනෙක් නොදන්නාකම නිසාම නොසලකා හරින විදේශ වෙළඳපොළ ත...
-
ඇයි දුඹුරු බිත්තර සුදු බිත්තර වලට වඩා මිළෙන් වැඩි? කිහිප දෙනෙකුම හෙල්දිපොඩ්ඩාගෙන් විමසපු පැනයකටයි අද පිළිතුරු දෙන්නේ. මුලින්ම කියන්න ඕන දුඹු...

Articles
© all rights reserved - 2024
made with by Nutripazo