තියුණු මතක ශක්තියක් පැවතීම පුද්ගල පැවැත්මට ඉතා වැදගත් සාධකයක්. නමුත් ඔබ දන්නවාද අධික ලෙස එකතු කල සීනි (Added Sugar) සහිත ආහාර හා පාන වර්ග ගැනීමෙන් පුද්ගල මතකය අඩුවන බව. ඔව් පර්යේෂණාත්මකව හොයා ගෙන ඇති පරිදි නිතර අධික සීනි සහිත ආහාර පාන වර්ග ගැනීමෙන් පුද්ගලයෙකුගේ මතකය අඩුවීම වගේම Brain Volume එක අඩු වීම සිදුවිය හැක. විශේෂයෙන්ම මෙය මොළයේ කෙටි කාලීන මතක ගබඩාවට බලපෑමක් ඇති කරනු ඇත. ඉතින් සීනි Cut කිරීම ඔයාගේ මොළය විතරක් නොව මුළු ශරීරයම නීරෝගී කරනු ඇත.
තඩි බඩ මට්ටු කරන 2025 ට පා තබමු
බොහෝ දෙනෙක්ට තිබෙන ගැටලුවක් වනුයේ තමාසතු ඉදිරියට නෙරූ විශාල උදරය. මේ නිසාම තමන් කැමති ඇඳුමක් ඇඳ ගැනීමට නොහැකිව බොහෝ දෙනෙක් කනස්සල්ලෙන් පසු වෙයි. ඉතින් කොච්චර දුක් උනත් වැඩක් නෑ ඔයා ඒ සඳහා යම් කිසි ක්‍රියාත්මක විමක් සිදුනොකරන්නේ නම්. අපි හැමෝම කැමතියි ලස්සනට අඳින්න පලඳින්න. විශේෂයෙන්ම ඔබ කාන්තාවක් නම් ඔබගේ ලස්සන ගැන වැඩිපුර සිතනවා ඇති. ලස්සන ගැන විතරක් නෙවෙයි නීරෝගීකම ගැනත් ඔබ සිතිය යුතුයි, අනික්දේ තමා කොච්චර හිතුවත් වැඩක් නෑ ඔබ ඒ සඳහා පියවර නොගන්නේ නම්. හොඳයි දැන් සිතන එක නවත්තන්න මෙච්චර කල් ඔයා කලේ හිතපු එක විතරයිනේ තාම ප්‍රතිඵලයක් නෑ නේද? එහෙනම් 2025 ක්‍රියාත්මක වන වසරක් බවට පත්කරගමු.
🍅 පිටිගුලි ගිලපු ඔයා ස්වභාවික ආහාර රටාවකට නැඹුරුවන වසරක්
🍅 දිනකට මිනිත්තු 30 ක් ව්‍යායාම කරන වසරක්
🍅 සීනී රහිත ආහාර රටාවකට හුරුවන වසරක්
🍅 දිනකට අවම ජලය ලීටර 2.5 ක් පානය කරන වසරක්
🍅 දිනකට අවම පැය 6ක සුවදායී නින්දක් ලබාගන්නා වසරක්
🍅 මානසික සුවය වෙනුවෙන් කැපවෙන වසරක්
🍅 කෂනික ආහාර වලට තිත තබන වසරක්
එහනම් අරඹන්න ලෙඩින් තොර හැඩෙන් ඉන්න නීරෝහී වසරක්
හැමදාම තේ බීලා ඇතිවෙලාද?
ඉතින් අපේ රටේ බොහෝ දෙනාගේ ජාතික පානය තේ ( Camellia sinensis ) බව නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. නමුත් තේ විතරක් නෙවෙයි මේ ලෝකයේ තියන එකම පානය. ඉතින් අපගේ ඇඟට ගුණදායි ස්වභාවික පානයන් බොහොමයක් තව තියෙනෙවා.හැමදාම බොන තේක වෙනුවට අලුත් පෝෂක ශරීරයට ලබා ගන්න පුළුවන් වදමල් පානයකුත් නිවසේම හදාගෙන රසබලන්න අමතක කරන්න එපා.
බිව්වට විතරක් මදිනේ මේකේ පෝෂක ගුණගැනත් දැනුවත් වීම වටිනවා. 📌ප්‍රධාන වශයෙන් වදමල් වල beta-carotene, vitamin C and anthocyanin වැනි Anti oxidants එසේත් නැතිනම් ප්‍රති-ඔක්සිකාරක අඩංගු වෙනවා. මේවා මඟින් ඔබගේ ප්‍රශක්තීකරණ පද්ධතිය ශක්තිමත්කර ලෙඩ රෝග වලින් ඔබව ආරක්ෂා කරනු ලබනවා 📌මීට අමතරව වදමල් වලට රුධිර පීඩනය අඩු කිරීමට වගේම රුධිරයේ කොලෙස්ටරෝල් පහළ හෙලීමේ හැකියාව ඇතිබව සායනිකව තහවුරුවී තිබෙනවා එබැවින් මෙම පානය මඟින් හෘදයාබාධ සෑදීමේ අවධානම අවම කරනවා. 📌තවද දේහ බර අඩුකරලීමේ හැකියාවත් වදමල් වලට තිබෙනවා ඉතින් ලස්සන ළමයෝ ලස්සන වෙන්න නීරෝගී වෙන්න ලොකු ලොකු මුදල් ලොකු ලොකු කොම්පැණි වලට පුදකරන වෙලාවේ කිසිම මුදලක් වියදම් නොකර ස්වභාදහමෙන් අපට මේ ලැබිලා තියෙන දායාද ආදරෙන් වැළද ගන්න හිතට ගන්න ඔන්න ඉතින් ආයේ වෙන කාටවත් වද නොදී වදමල් පානයක් අදම රසබලන්නත් අමතක කරන්න එපා. ✍️මධුශාන් ඇතුගලසතයක්වත් වියදම් නොකර විටමින් E කරල් ගෙදරම හදාගමු
මේවන විට විටමින් E කරල් මිළදී ගෙන භාවිතය Trend එකක් බවට පත් වී තිබෙනවා. නමුත් බොහෝ දෙනා මෙලෙස විටමින් E ලබා ගන්නේ නිසි අවබෝධයකින් තොරව බව පෙනී යනවා. විටමින් E වලට ඔබේ ශරීරයේ සෛල වියපත් වීම පමා කිරීමට මෙන්ම හිසකෙස් නීරෝගීව තබා ගැනීමේ හැකියාව පවතිනවා. නමුත් ඔබ හිතු මතේට විටමින් E කරල් භාවිතය ශරීරයට හානිකර තත්ව ඇති කල හැකි බවත් මතක තබා ගන්න. විශේෂයෙන්ම ඔබ warfarin, aspirin, or clopidogrel. වැනි ඖෂධ භාවිතා කරන ගමන් විටමින් E භාවිතා කිරීමෙන් රුධිර ගැලීමේ අවධානම ඉහළයනු ඇත. කෙසේ වෙතත් විටමින් E ස්වභාවිකවම ඔබට සපයා ගත හැකි හොඳ ආහාරයක් තමා නිවිතිය කියන්නේ. ඉතින් නිවිතිය ඔබේ ගෙවත්තේ පහසුවෙන්ම රෝපණය කරගැනීමට හැකි නිසා සතයක්වත් වියදම් නොකර දෛනික විටමින් E අව්ශ්‍යතාව සපුරා ගැනීමට එය උපකාරී වෙනුඇත. මීට අමතරව අලිගැටපේර, අඹ, තක්කාලි, , ආමන්ඩ්, රට කජු ආදියෙත් විටමින් E අන්තර්ගතව ඇත. ඉතින් අතේ මුදලත් ඉතුරු කරගෙන ස්වභාවිකවම විටමින් E ලබාගන්න ඔබේ ගෙවත්තෙන්ම වැඩ අරඹන්න.
කවුද අනේ වට්ටක්කා ඇට කන්නේ

වඩාත් ගුණ සුදු පාට කුකුල් බිත්තරද? දුඹුරු පාට බිත්තරද?
ඒකට හේතුව ගුණාත්මක බව නෙවෙයි කියා දැන් ඔබ දන්නවා. සුදු පාට බිත්තර දාන කිකිළියන් සාමාණ්ය්න් සුදු පාටවන අතර දුඹුරු බිත්තර දාන් කිකිළියන් රතු දුඹුරු පැහැයක් ගන්නවා. ඒ වගේම දුඹුරු පාට කිකිළියන් සුදු පාට බිත්තර දාන කිකිළියන්ට වඩා ප්රමාණයෙන් විශාල අතර අහාරයට කන්නා කෑම ප්රමාණයද සාපේක්ෂව වැඩියි. මේ නිසාම සුදු පාට කිකිළියන්ගේ නඩත්තුවට වඩා දුඹුරු කිකිළියන් නඩත්තුවට යන වියදම අධිකයි. ඔන්න මේ හේතුව නිසා දුඹුරු බිත්තර මිළ වැඩියෙන් වෙළෙන්දන් විකුණනු ලබනවා.
නිදන්ගත රෝග මඩින කටු අනෝදා

Popular Posts
-
තියුණු මතක ශක්තියක් පැවතීම පුද්ගල පැවැත්මට ඉතා වැදගත් සාධකයක්. නමුත් ඔබ දන්නවාද අධික ලෙස එකතු කල සීනි (Added Sugar) සහිත ආහාර හා පාන වර්ග...
-
ඉතින් අපේ රටේ බොහෝ දෙනාගේ ජාතික පානය තේ ( Camellia sinensis ) බව නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. නමුත් තේ විතරක් නෙවෙයි මේ ලෝකයේ තියන එකම ප...
-
ගෙදර ඉන්න අක්කා වට්ටක්කා කිව්වට වට්ටක්කා දැන් ලෝකේම හොල්ලන අක්කා වෙලා ඉන්නේ. අපේ රටේ බොහෝ දෙනෙක් නොදන්නාකම නිසාම නොසලකා හරින විදේශ වෙළඳපොළ ත...
-
ඇයි දුඹුරු බිත්තර සුදු බිත්තර වලට වඩා මිළෙන් වැඩි? කිහිප දෙනෙකුම හෙල්දිපොඩ්ඩාගෙන් විමසපු පැනයකටයි අද පිළිතුරු දෙන්නේ. මුලින්ම කියන්න ඕන දුඹු...
